විවාහ වූ පසු ඕනෑම නව
යුවලක ඊළඟ පැතුම දරු සිඟිත්තෙකු ලැබීමයි. මෙලෙස ඇතිවෙන සිහිනය සැබෑවක් කර ගැනීමට
ඇඟිලි ගැනීම විටෙක සහනයක් දක්වා වර්ධනය වේ. දෙමව්පිය නෑ හිතවතුන්ගෙන් ඇතිවන බලපෑම
නිසා මේ පීඩනය තවත් වැඩි වේ.
Image-mycryingbaby.org |
සැබවින්ම යුවලකට දරුවන්
ලැබීම පමා වන්නේ ඇයි? අප මෙය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ මඳ සැඋ බව කියායි. මේ
සඳහා නිසි අර්ථ දැක්වීමක් සඳහන් කිරීමේදී කාන්තාවගේ වයස සැලකිල්ලට ගැනීම ප්‍රධාන
වශයෙන් සිදු කරනු ලබයි. ඊට අමතරව කාන්තාවගේ තිබිය හැකි වෙනත් ගැටළුද සැලකිල්ලට ගනු
ලබයි. එහිදී ඔසප් වීමේ ගැටළු, ලිංගික පද්ධතිය ආශ්‍රිත ගැටළුද සැලකිල්ලට ගනු
ලබයි. මේ ගැටළු වලින් තොරව ඇත්නම් වයස
අවුරුදු තිස් පහට අඩු කාන්තාවකට වසරක් දක්වා බලාපොරොත්තු විය හැක. එහෙත් වයස
අවුරුදු තිස් පහට වැඩි නම් මාස හයක දක්වා බලාපොරොත්තු වීමේ වරදක් නැත.
එහත් ඉහත වයස් වල සඳහන්
කාල සීමාවන් ඉක්මවා යාමෙන් පසු හෝ කාන්තාවකට වෙනත් ගැටළු ඇත්නම් දරුවන් නොලැබීම
පිලිබඳව නියමිත පර්යේෂණ ආරම්භ කිරීම සුදුසුය.
දරුවන් නොලැබීමට හේතූ
සාමාන්‍ය යුවලකගේ වුවද කිසිම හේතුවකින් තොරව, පළමු වසර
තුලදී සියයට අසුවක් කාන්තාවන්ගේ ගැබ් ගැනීම සිදු වේ. එලෙස ඉතිරි වෙන සියයට
විස්සෙන් භාගයක්, එනම් සියයට දහයක දෙවන වසරේදී ගැබ් ගනී. සාමාන්‍ය තතත්වයන් යටතේ
ගැබ් ගැනීම සිදු නොවන්නේ සියයට දහයක පමණ සංඛ්‍යාවකි. මෙම ගැබ් නොගැනීමට සියයට
හතළිහක් හේතු වන්නේ පිරිමියාගේ ගැටළුය. තවත් සියයට හතළිහක් හේතු වන්නේ කාන්තාවගේ
ගැටලුය සියයට දහයක් පමණ කාන්තාව හා පිරිමියා යන දෙදෙනාගේ පොදු ගැටළු බලපායි.
ඉතිරිවන සියයට දහයක් සඳහා හේතූ සොයා ගැනීමට අපහසු වේ.
පිරිමියාගේ හේතූ
පිරිමියාගේ ශුක්‍රානු වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක
ඌනතාවන් මේ අතර මුල් තැන්ක ගනී. ඊට අමතරව පිරිමියාගේ ප්‍රාණවත් වීමේ ගැටළු, ශුක්‍රානු
පහ වීමේ ගැටළු ඊළඟට දැකිය හැක. මෙහිදී විවිධ ආසාදන හා අවහිරතා ඇතිවීම මගන් ශුක්‍රානු
පහවීමේ ගැටළු ඇති වීම ප්‍රධාන තැනක ගනී. එතරම් බහුල නොවුණත් විවිධ හෝමෝන ගැටළු
නිසාද ශුක්‍රානු නිෂ්පාදනය අදාළ විය හැක.
කාන්තාවගේ හේතු
කාන්තාවට බලපෑ හැකි හේතු ඇති විශාල සංඛ්‍යාවක් ඇත.
කාන්තාවගේ ලිංගික පද්ධතියේ කායික හා හෝමෝනමය වශයෙන් ඇති සංකීර්ණත්වය නිසා මෙතරම්
ගැටළු රැසක් අපට බොහෝ විට දකින්නට හැක. මව
කුස සිටින බිලිඳු කලලයක ඩිම්බ මිලියන අටක්
පමණ ඇත. උපතේදී මේ සංඛ්‍යාව මිලියන එකකට
පමණ අඩු වේ. එහෙත් සාමාන්‍යයෙන් කාන්තාවකගේ ක්‍රියාත්මක වන කාල සීමාව පුරා ඩිම්බ
හාරසීයක් පමණ නිකුත් වේ. මෙලෙස ඩිම්බය නිකුත් වීමේ සිට ඩිම්බය ගර්භාෂයේ රෝපණය වීම
දක්වා සම්පූර්ණ ක්‍රියාදාමයේ විවිධ ස්ථාන වල ගැටළු ඇති විය හැක.
මෙහිදී බහුලව දකින අවස්ථාවක් වනුයේ ඩිම්බ කෝෂ වල “මිදී
පොකුරක්” මෙන් ගෙඩි සෑදී ඇති අවස්ථාවයි. එවිට ඩිම්බ මෝචනය බරපතල ලෙස ගැටළුකාරී වී
ඇත. මෙවැනිම තවත් අවස්ථාවක් වනුයේ විවිධ හේතුන් නිසා පැලෝපීය නාල අවහිර වීමයි.
එමෙන්ම ගර්භාෂයේ අසාමාන්‍යතා නිසාද ගැබ් ගැනීමට ගැටළු ඇති විය හැක. එසේම එන්ඩෝමෙට්‍රියෝසිස්
නම් වූ තත්වයේදී ද මෙවැනිම සංකීර්ණ ස්වභාවයක් හට ගනී. එහිදී පැලෝපීය නාල අවහිර
වීම, ඩිම්බ මෝචනයේ ගැටළු මෙන්ම ලිංගික සම්බන්ධ වීමේදී ඇති වන වේදනාව වැනි ගැටළුද
ඇති විය හැක.
පරීක්ෂණ සිදු කිරීම
ගැබ් ගැනීමේ ගැටළු වලදී සැමියා සහ බිරිඳ යන දෙදෙනාම
පරීක්ෂාවට ලක් කල යුතුය. පළමුව සැමියාගේ ශුක්‍රාණු තරල වල පරීක්ෂණය සිදු කල යුතු
අතර , දින තුනක් සම්බන්ධ වීම් වලින් තොරව සිට මෙය සිදු කිරීම අවශ්‍ය වේ. එහිදී
සාමාන්‍යයෙන් එක මිලිලීටරයක ශුක්‍රාණු මිලියන පහළොවක් පමණ තිබිය යුතු අතර ඉන්
සියයට හතළිහක් නිරෝගී ශුක්‍රාණු විය යුතුය.
කාන්තාවගේ පරීක්ෂාවන් සිදු කිරීමේදී හෝමෝන පරීක්ෂාව, බද
ස්කෑන් කිරීම, ලැපරස්කොපි පරීක්ෂාව ආදී විවිධ පරීක්ෂණ රැසක් අවශ්‍යතාව මත සිදු
කෙරේ. මීට අමතරව කාන්තාවට තිබිය හැකි දියවැඩියාව, මන්ද තයිරොයිඩතාව ආදී වෙනත්
කායික රෝග පිළිබඳව සොයා බැලේ.
ප්‍රතිකාර කිරීම
පිරිමියාගේ ශුක්‍රාණු දුබලතාවක් බරපතල ලෙස ඇති විට එම
ශුක්‍රාණු වැඩිපුර නිපදවා ගැනීම සඳහා ස්ථිර ප්‍රතිකාරයක් නොපවතී. එහෙත් කාන්තාවගේ
ඩිම්බ මෝචනය ආශ්‍රිතව ගැටළු ඇති විට ඩිම්බ මෝචන උත්තේජක ප්‍රතිකාර භාවිතා කරනු
ලබයි.
ශුක්‍රාණු තැන්පත් කිරීමේ ප්‍රතිකාරය අද කාලයේ බහුලව
භාවිතා කරනු ලබයි. තිබෙන ගැටළුව අනුව මෙවැන්නක් සුදුසු නම්, රසායනාගාරයේදී හොඳ
ශුක්‍රාණු තෝරාගෙන ඩිම්බ මෝචනය සිදු වන දිනයේදී එම ශුක්‍රාණු ගර්භාෂයේ තැන්පත්
කරනු ලබයි.
මීට අමතරව, කෘතීම සංසේචනය තවත් එක් නවීන ක්‍රමවේදයකි. නල
දරුවන් ලෙස හඳුන්වන්නේ මෙයයි. පරීක්ෂණාගාරයක් තුල අතිශය ඉහල තාක්ෂණික තත්වයන් යටතේ
ශුක්‍රාණු හා ඩිම්බ සංසේචනය කරවා ඉන් ඇති වෙන එක් කලලයක් ගර්භාෂයේ තැන්පත් කිරීම
මෙහිදී සිදුවේ. මේ ආකාරයට දරු ගැබක් ඇති කිරීම සඳහා එයට සුදුසු පසුබිම් සාධක සලකා
බැලිය යුතුය. මෙහිදී මුලික තීරණය ගනු ලබන්නේ වෛද්‍යමය සාධක මතයි.
මේ ආකාරයට විවිධ සරල හා සංකීර්ණ ක්‍රියාදාමයන් රැසක්
මන්ද සරු බව ආශ්‍රිතව පවතී. එමනිසා යම් යුවලකට මඳ සරු බවක් ඇත්නම් පළමුව ප්‍රසව හා
නාරිවේදය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී තොරතුරු සාකච්ඡා කිරීම වඩාත් සුදුසුය.
විශේෂඥ වෛද්‍ය ප්‍රශාන්ත ගංගේ
පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රසව හා නාරිවේදය පිලිබඳ
විශේෂඥ
No comments:
Post a Comment