Saturday, March 9, 2013

හදිසි ගැබ්ගැනීම් වලක්වාලීමට ද භාවිතා කල හැකි "ලූපය"?|Know about “loop”- Copper 380 Intauterine contraceptive device


කාන්තාවකට අනවශ්‍ය පිළිසිඳ ගැනීමක් වලක්වා ගැනීමට වුවමනා වුවද, ඒ සඳහා දෛනිකව ගිලින පෙති,ත්‍රෛ-මාසික ඩිපෝ ප්‍රොවෙරා එන්නත් හෝ LRT සැත්කම කර ගැනීමට අකමැති නම්, ඒ සඳහා ඇති හොඳම ක්‍රමය ලූපයක් පැළඳීමයි.
http://labspace.open.ac.uk

ලූපය හෙවත්  Cu-380 IUCD යනු කුඩා T හැඩැති ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යයකින් සාදා එයට තඹ ලෝහ කම්බියක්ද අඩංගු කර ඇති කුඩා උපකරණයකි. මෙය ගර්භාශය තුළ පැළඳි විට එතුල ගැබ් ගැනීමට නුසුදුසු පරිසරය ක් ඇතිවන බැවින් පිළිසිඳ ගැනීම් සිදු නොවන බව සොයාගෙන ඇත.  

ලූපය - කා සඳහා සුදුසුද?

දරුවන් ඇති , දරුවන් ලැබීම ප්‍රමාද කිරීමට හෝ වලක්වා ගැනීමට අව්ශ්‍ය ඔබට , ලූපය ඉතා හොඳ පවුල් සැළසුම් ක්‍රමයකි.

ලූපය ඇතුලු කිරීම


වෛද්‍යවරයෙකු විසින් කළ යතුය. මෙය අවම පහසුකම් යටතේ මිනිත්තු කීපයක් තුළ වෛද්‍යවරයෙකු විසින් සිදු කල හැකි කාර්යයකි. ලූපය ඇතුළු කිරීමට ප්‍රථම ,වෛද්‍යවරයා විසින් ඔබව පරීක්ෂා කරණු ඇත.  ආර්තවය සිදුවී ප්‍රථම දින කීපය තුළ ,ගැබ් ගෙල ඇරී ඇති නිසා ලූපය ඇතුළු කිරීම වඩා පහසුය.
ඉන් අනතුරුව දින දෙකක් පමන ලිංගික ක්‍රියාවලියේ නොයෙදිය යුතුය. ලූපය ඇතුලත් කල පසු එහි කෙළවර ඉතා සිහින් නූලක් මෙන් යෝනි මාර්ගය තුල පවතී. එය පිටතට ඇදීමට උත්සාහ නොකළ යුතුය.
සමහරුන්ට ලූපය ඇතුළු කර දින කීපයක් යනතුරු ,ඔසප් වීමේදී මෙන් සුළු යටි බඩේ වේදනා තත්ත්වයක් ඇති විය හැක; එයට සාමාන්‍ය වේදනා නාශකයක් ලබා ගැනීම ප්‍රමාණවත්වේ.

අන් උපත් පාලන ක්‍රම වලට වඩා ලූපයේ ඇති වාසි!

·         ක්‍රියාත්මක කාලය- අන් උපත් පාලන ක්‍රම මෙන් නොව, ලූපය වසර 10ක් පමණ ක්‍රියාකාරී වේ
·         පහසුව- ලූපය පැළඳි පසු වසර ගණනාවක් යනතුරු ඔබට ඒ ගැන වද විය යුතු නැත.
·         විශ්වාසය- මෙය 99% ත් වඩා විශ්වාසී උපත්පාලන ක්‍රමයකි.
·         වියදම-ලූපය ඉතාම වියදම් අඩු උපත් පාලන ක්‍රමයකි.
·         මව් කිරි දෙන මව්වරුන්ට- මව් කිරි දීමට කිසිදු බලපෑමක් ඇති නොවේ.
·         ලූපයෙන් ශරීරයට කිසිදු හෝමෝනයක් නිකුත් නොවේ

ලූපයේ ඇති අවාසි!

ලුපය මගින් ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ශා කිරීමක් සිදු නොවේ.
ආර්තවයේදී පිටවන රුධිර ප්‍රමාණය හා යටි බඩේ වේදනාව තරමක් වැඩි විය හැක.
ඔබ දන්නවාද!
අනාරක්ශිත ලිංගික එක්වීමකින් දින 5ක් තුල ලූපයක් පැළඳීමෙන් හදිසි ගැබ්ගැනීම් මුළුමනින්ම(100%) පාහේ වලක්වාගත හැක.


ලූපය පැළඳීම ගැන පහත ප්‍රශ්ණ ඔබටත් තිබිය හැකිය.

·         ලූපය ලිංගික සබඳතා වලට බාධාවක්ද?- නැත
·         ලූපය පැළඳූ පසු නූල් කෙළවරක් පිටතට පැමිණේද-නැත
·         ලූපය ගර්භාශය තුල කාලයක් තිබීමෙන් එය ගර්භාශ බිත්තියට කාවදීද?-නැත
ලූපය ගලවන්නේ කෙසේද?
වෛද්‍යවරයෙකු විසින් විනාඩි කීපයක් තුළ අවම පහසුකම් යටතේ සිදු කළ හැකි සරළ ක්‍රියාවළියකි.මෙය වේදනාකාරී නොවේ.

කරුණු- මහාචාර්ය හේමන්ත සේනානායක
අනුවාදනය- වෛද්‍ය වේදිෂ ගන්කන්ද

No comments:

Post a Comment